දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක් අතරමගදී නවතා එහි රියැදුරන් දෙදෙනා බස් රථ දෙකට මාරු වීමේ සිද්ධියක් ඉකුත් සඳුදා උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම බස් රථ දෙකෙන් එක් බස් රථයක් සඳුදා දින උදේ 6.30 කඩවතින් අම්බලන්ගොඩ බලා පිටත් වූ බස් රථයක් වන අතර අනෙක් බස් රථය අම්බලන්ගොඩ සිට කඩවත බලා ගමන් ආරම්භ කළ එකක් බවයි වාර්තා වන්නේ.

පසුව මෙම බස් රථ දෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර ප්‍රදේශයේ දී , අතරමඟ නවතා , රියදුරන් දෙදෙනා මෙසේ මාරු වී ඇති බවත් ඉන් බස්රථ දෙකෙහි ගමන් ගත් මගින් විමතියට හා දැඩි අපහසුතාවයට පත්ව තිබූ බවයි පැවසෙන්නේ.

එහිදී රියදුරන් දෙදෙනා බස්රථවලින් බැස මාර්ගය මැද සවිකර ඇති ආරක්ෂිත වැට අසල අනාරක්ෂිත ලෙස රැඳී සිට මාර්ගය හරහා මාරු වී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්