බස්නාහිර පළාත තුළ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන පුද්ගලයන් සොයා අද දින සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු යොදා තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පැවතියද එය සම්බන්ධයෙන් ජනතාව නිසි අවධානයක් යොමු නොකරන බවට නිරීක්ෂණය වූ බැවින් මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 735 දෙදෙනෙකු මෙරටින් හඳුනාගැනීමත් සමග සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 57 දහස් 361 දක්වා ඉහළ ගියා.

ඒ අනුව, ප්‍රතිකාර මධ්‍යස්ථාන වල හා රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණ න 16 දහස් 93 ක්.

සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 27 දහස් 110 වනවා.

මේ අතර, ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14දහස් 158 දක්වා ඉහළ ගියේ ගෙවුණු දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ 31 ත් සමගයි.

මෙන්න බලන්න තවත් පුවත්