දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන කමල් හාසන්ට කොරෝනා අසාදනය වී තිබෙනවා. සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව රෝහල්ගතව සිටින බව එහි සඳහන් වන්නේ.

කොරෝනා වසංගතය පැතිරීම අවසන් ව නොමැති බැවින් සියලු දෙනා තවදුරටත් ආරක්ෂිතව සිටිය යුතු බව එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

චෙන්නායි හි පොරූර් පෞද්ගලික රෝහලක ඔහු ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.

මෙන්න බලන්න තවත් පුවත්