මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් උපයාගත් දේපළ රාජසන්තක කළාසේම අනෙකුත් වංචා පිළිබඳවද නිත්‍යානුකූලව ඔප්පු වුවහොත් ඒ දේපළද පවරා ගැනීමට තමා පසුබට නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේිදී අද ප්‍රකාශ කර සිටියා.

තවත් එවැනි වංචා ගැන තොරතුරු තිබේ නම් යෝජනා ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලීමක් කර සිටියේ.

මුදල් ඇමැතිවරයා මේ බව පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේ පිළිතුරු කතාව පවත්වමින්ය.

සියළු දෙනා එක්ව රට ගොඩ නගමු යැයි බව පැවසූ මුදල් ඇමතිවරයා රට පුරා ආහාර ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට විශේෂ වගා සංග්‍රාමයක් අරඹන බව ද මුදල් ඇමතිවරයා කියා සිටියේ.

එමෙන්ම රට තුල කිසිදු ආහාර හිඟයකට ඉඩ නොතබන බවද මෙහිදී මුදල් ඇමැතිවරයා අවධාරණය කර සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්