මේ ආණ්ඩුවට පිස්සු ,අහන අහන එකා මූට පිස්සු කියනවා ,මහින්දට ,ජේ .ආර් ට ,චන්ද්‍රිකාට ,පිස්සු කීවේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා .

ඔහු මෙම අදහස් පැවසුවේ අයවැය විවාදයට එක්වෙමින්.

“මේ අයවැයේ ගන්න දෙයක් නැහැ.පොඩි මිනිහා ගැන පොඩ්ඩක්වත් හිතපු නැති අය වැයක්” බවයි කුමාර වෙල්ගම සඳහන් කළේ .

“අද (19) මම මේ ඉන්න පැත්තේ අය මටත් නඩු දැම්මා.

“නඩු පිට නඩු දැම්මා.”

“මම රැවුල කප කපා ඉන්නකොට එදා පොලිසියේ 100ක් විතර ඇවිල්ලා මගේ වත්ත හෑරුවා.”

“වළ දාලා තියෙන කාර් හොයන්න.”

“කාර් තියෙනවා .ඒවා ඕවා නෙමෙයි .කාර් හොයන්න ආපු උන් ආපහු ගියා.”

“මම හොඳ ශක්ති සම්පන්න මිනිහෙක්. ඒක කවුරුත් දන්නවනේ. එහෙම හයිය තියෙනකොට අනිත් ඒවත් හයියට තියෙන්න ඕනේ’ බව වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේ, සියල්ලෝම සිනා ගස්වමිනුයි.

“මහින්ද මහත්යා යුද්දේ ඉවර කළා. කෙලින් හිටියා .හැබැයි යුද හමුදාපති ජනාධිපතිවරණයට තරග කළා කියලා ඔහුට ජම්පර ඇන්දුවා. අපි දන්නෑ සරත් ෆොන්සේකා මහතා කොහේ නතර වෙයිද කියලා . එදාට අද ආණ්ඩු පක්ෂයේ ඉන්න අයට දුවන්න වෙන බව” කුමාර වෙල්ගම මහතා පවසනවා.

මෙන්න බලන්න තවත් පුවත්