රථවාහන පොලිස් නිලධාරියෙකු විසින් තරුණයින් දෙදෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මඩකළපුව එරාවූර් ප්‍රදේශයෙන් වාර්තා විය.

එලෙස යතුරුපැදිකරුවෙකුට හා පසුපැදිකරුට පොලිස් රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු පහර දෙන අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබුණි.

පහරදීම සිදුවන්නේ මඩකළපුව එරාවූර් කලපුව පාරේ ආහාර වෙළෙඳසැලක් ඉදිරිපිටදීය.

රිය අනතුරක් සිදු වූ ස්ථානයක මැනීම් කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් අධික වේගයෙන් මෙම යතුරුපැදිය ධාවනය කර ඇත.

එහිදී යතුරුපැදිය නවතන ලෙසට අණ කර තිබුණ ද එය නොතකා යතුරුපැදිකරු මඩකලපුව එරාවූර් කළපුව පාර පටු මාවත ඔස්සේ අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

පසුව නිලධාරීන් එම යතුරුපැදිය හඹා ගොස් ඇති අතර ආහාර අලෙවිසැලක් අසල නවතා තිබියදී යතුරුපැදිය සොයාගෙන තිබේ.

පහරදීම සිදුවන්නේ එම අවස්ථාවේදිය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් පුවත්