ඊයේ (17) පස්වරුවේ මෙන් අද (18) පෙරවරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසක ම’ ත්පැන් අලෙවිසැල් විවෘත කර තිබූ ආකාරයක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මෙලෙස ම’ ත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට විරෝධය පළ කරන බවයි වෛද්‍යවරු කියා සිටියේ.

ඊයේ දිනයේ ම’ ත්පැන් අලෙවිසැල් විවෘත කිරීමත් සමඟ රාත්‍රිය වනතුරුම එම අලෙවිසැල් ඉදිරිපිට නිරෝධායන නීති කිසිදු ගණනකට නොගනිමින් දිගු පෝලිම් දක්නට ලැබුණා.

සුපිරි වෙළඳසැල්වලද ම’ ත්පැන් අලෙවිසැල් විවෘත කර තිබූ අතර, ඒවායේද දක්නට ලැබුණේ දිගු පෝලිම්.

වවුනියාව ප්‍රදේශයේ ම’ ත්පැන් අලෙවිසැල් විවෘත කිරීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ ඒවා වසා දැමීමට පියවර ගත්තා.

එහිදී ම’ ත්පැන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකුද පොලිසිය අත් අඩංගුවට ගනු ලැබූ බවයි වාර්තා වුණේ.

ම’ ත්පැන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් අත් අඩංගුවට ගත් බවට වාර්තා වුව ද ම’ ත්පැන් අලෙවිසැල් විවෘත කළ පුද්ගලයින් හෝ ඊට අවසර ලබාදුන් පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක වූ බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

එසේම අද දිනයේත් ප්‍රදේශ කිහිපයක ම’ ත්පැන් අලෙවිසැල්වලට මත්පැන් ගබඩා කිරීම සඳහා ලොරි රථ පැමිණ තිබූ ආකාරයක්ද දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට අප කිහිපවිටක් උත්සාහ කළ අතර, එහි වගකිවයුතු නිලධාරීන් දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

කෙසේ වෙතත් ඊයේ සුරා බදු දෙපාර්තමේන්තුව කියා සිටියේ අලෙවිසැල් විවෘත කිරීමට තම දෙපාර්තමේන්තුව අවසර ලබාදී නොතිබුණු බවයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ මෙලෙස ම’ ත්පැන් අලෙවිසැල් විවෘත කිරීම හරහා යළි කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේද කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් සිය විරෝධතාව පළ කළා.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය යළි දීර්ඝ කිරීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන පෙර පැවති ආකාරයටම පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන ඒ අනුව පොහොය දිනයේ හැර සෙසු  සෑම දිනකම විවෘතව පවතින බවයි.

මෙන්න බලන්න තවත් පුවත්