අනියම් සම්බන්ධයක් මුල්කර ගෙන ඇතිවූ ආරවුලක් හේතුවෙන් යුද හමුදා බුද්ධි අංශ සෙබළුන් පිරිසක් යොදා සිය සැමියා ඝා’ ත න ය කළ මට්ටක්කුලිය ප්රදේශයේ ග්රාම නිලධාරිනියක් සහ හමුදා බුද්ධි අංශයේ සෙබළුන් හත් දෙනකු අත් අඩංගුවට ගැනීමට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ අරඹා ඇත.

සැකකාර ග්රාම නිලධාරිනිය හමුදා කෝප්රල්වරයකු සමඟ පැවැති අනියම් ඇසුරක් මෙම ඝා’ ත න ය ට හේතුවී තිබේ. මේ වන විට මෙම ඝා’ ත න සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර ප්රදේශයේ හමුදා කඳවුරක සෙබළුන් හත් දෙනකුගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය කියයි.

ඉකුත් අගෝස්තු මස 14 වැනිදා මෙම අ’බිරහස් ඝා’ ත න ය සිදුවී ඇති අතර ඝා’ ත න ය ට ලක්ව තිබෙන්නේ අකිල නැමැති පුද්ගලයෙකි.

ඝා’ ත න ය ට ලක්වූ තැනැත්තා සිය යතුරුපැදියෙන් යමින් සිටියදී බොලෙරෝ වර්ගයේ ජීප් රථයකින් පැමිණි බව කියන හමුදා බුද්ධි අංශ සෙබළුන් ඔහුව පැ’ හැ@ ර ගෙ න ගොස් ඝා’ ත න ය කර සිරුර සේදවත්ත ප්රදේශයෙන් කැලණි ගඟට දමා ඇත.

ඒ අනුව ගරාම නිලධාරිනියගේ සැමියාගේ අත්පා එකට ගැට ගැසූ සිරුර මෝදර කාක දූපතට ඉකුත් 15 වැනිදා ගොඩ ගසා තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

මට්ටක්කුලිය පොලිස් වසමේ රාජකාරි කරන ග්රාම නිලධාරිනියක් කොළඹ උතුර ප්රදේශයේ හමුදා කඳවුරක කෝප්රල්වරයකු සමඟ කලක පටන් අනියම් ඇසුරක් පවත්වා ඇති අතර එම සම්බන්ධය හෙළිවීමෙන් අනතුරුව ඔවුන් අතර නිතර නිතර ආරවුල් ඇතිවී තිබිණි.

මෙම ග්රාම නිලධාරිනිය හමුදා බුද්ධි අංශ කෝප්රල්වරයා සමඟ එක්ව තම සැමියා ඝා’ ත න ය කිරීමට සැලසුමක් සකස් කර ඇති බව විමර්ශනවලින් හෙළිව තිබේ. ඝා’ ත න ය සඳහා කොළඹ උතුර ප්රදේශයේ හමුදා කඳවුරක බුද්ධි අංශ සෙබළුන් හත් දෙනෙකු යොදාගෙන ඇති අතර ම’ ත් ද්ර ව් ය ජාවාරම්කරුවකුගේද සහාය ඒ සඳහා ලැබී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙන්න බලන්න තවත් පුවත්