මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ රාත්රී 10 සිට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග එම කාලය තුළ ජනතාව ක්රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්ය, ආරක්ෂක අංශ, කෘෂිකර්ම, අත්යාවශ්ය භාණ්ඩ සැපයුම් සේවාවන් සඳහා මෙම කාල සීමාව තුළ දී අවසර ලබාදී තිබෙනවා. පවතින කොවිඩ් ව්යාප්තිය සැලකිල්ලට ගනිමින් ඊයේ රාත්රී 10යේ සිට ලබන 30 වැනිදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා නිවේදනය කළා.

කෙසේ වෙතත් ඔහු සඳහන් කළේ එම කාලය තුළ ආයෝජන මණ්ඩලයට අයත් ඇඟලුම් කර්මාන්තශාලා මෙන්ම අපනයන කර්මාන්ත වල නිරත වන පුද්ගලයින්ටද සිය රැකියා සඳහා යාමට කිසිඳු බාධාවක් නොමැති බවයි.

නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන කාලසීමාව තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සෞඛ්ය අමාත්යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව අනුව මෙම කාල සීමාව තුළ සෞඛ්ය සේවකයන්ට සිය රාජකාරි කටයුතු සඳහා යාමට කිසිදු බාධාවක් ඇත්තේ නැහැ.

සාමාන්ය සායන නොපැවැත්වෙන නමුත් මාතෘ හා ළමා සෞඛ්ය සේවා සඳහා අත්යවශ්ය නිවාස චාරිකා සිදු කළ හැකියි.

ඊට අමතරව පොලිසිය, ග්රාම නිලධාරීන් මෙන්ම අවශ්ය කාර්ය මණ්ඩලය සහිතව පළාත් පාලන ආයතන පවත්වාගෙන යා හැකි වනවා.

සීමිත මූල්ය ගනුදෙනු සඳහා පමණක් බැංකු විවෘතව තැබෙන අතර මාර්ගගත බැංකුකරණය සඳහා ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල් ඇතුළු උපයෝගීතා සේවා පවත්වාගෙන යාමට ද බාධාවක් නැහැ.

ගොවිතැන, පශුසම්පත්, මසුන් ඇල්ලීම, ඇතුළු කෘෂිකාර්මික කටයුතු දිස්ත්රික් මායිම් නොඉක්මවා යමින් දුරස්ථභාවය රඳවා ගනිමින් සිදු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

අත්යවශ්ය භාණ්ඩ බෙදා හරින්නන්ට අවසර හිමි වන අතර සිල්ලර භාණ්ඩ මෙන්ම බේකරි නිෂ්පාදන බෙදාහැරීම සඳහා ඩිලිවරි සේවාවන් ක්රියාත්මක කළ හැකියි.

රවාහන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අවසරලත් අත්යවශ්ය සේවාවන්ට සහ ඩිලිවරි සේවාවන් සඳහා පමණි.

කොවිඩ් ආසාදිත නොවන මරණයකදී අවමංගල්ය කටයුතු පවුලේ සමීපතම ඥාතීන්ගේ පමණක් සහභාගිත්වයෙන් පැය 24ක් ඇතුළත අවසන් කළ යුතු වනවා.

වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට සෞඛ්ය හේතුවක් මත මිස කිසිඳු හේතුවකට නිවසින් බැහැරට නොයන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

ඉදිකිරීම් ආයතන වල දෛනික වැටුප් ලබන කම්කරුවන්ට නිශ්චිත වැඩ කටයුතු සඳහා අවසර ලබා දී තිබෙනවා.

මේ අතර සියලු ආගමික රැස්වීම් වල සාමාජීය රැස්වීම්, ආපනශාලා, හෝටල්, සතිපොල, උපකාරක පන්ති ආදිය මෙම නිරෝධායන දිරි නීති කාලය තුළ සම්පූර්ණයෙන්ම තහනම්.

මෙන්න බලන්න තවත් පුවත්