ඔලිම්පික් පුරාවෘත්තයක් ලෙස සළකනු ලබන ධාවන ශූර උසේන් බෝල්ට් පියවරුන්ගේ දිනයදා අපූරු රහසක් හෙළි කරමින් සිය රසිකයන් පුදුමයට පත් කළා.

සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ අලුත් උපන් පිරිමි ළමුන් දෙදෙනෙකුගේ චායාරූප පළ කරමින් ඔහු පවසා සිටියේ ඒ තමන්ට සහ තම බිරිඳට දාව උපන් නිවුන් පිරිමි දරුවන් දෙදෙනා බවයි.

එය පළ කරන තෙක් ඔහුගේ රසිකයන් බෝල්ට්ගේ බිරිඳ දරු ප්රසූතියක් කළ බවවත් දැන සිට ඇත්තේ නැහැ.

මේ සිදු වීම සමඟ බෝල්ට්ගේ මේ දරුවන් දෙදෙනා ඉපදී ඇත්තේ කවදාදැයි සෙවීමට බෝල්ට්ගේ රසිකයන් කටයුතු කර තිබුණා.

නමුත් ඔවුන්ට එය සොයා ගැනීමට හැකි වී තිබුණේ නැහැ

කෙසේ නමුත් උසේන් බෝල්ට් සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ දරුවන්ගේ නම් ලෙස තන්ඩර් බෝල්ට් සහ සෙන්ට් ලියෝ බෝල්ට් ලෙස නම් කර තිබුණා.

මේ සමඟ ඔහු සහ බිරිඳ කාසි බෙනට්, කුඩා දියණිය වන ඔලිම්පියා සහ අලුත උපන් දරුවන් තිදෙනා සමඟ ගන්නා ලද ඡායාරූප කිහිපයක්ද එක් කර තිබුණා.

අට වතාවක් ඔලිම්පික් පදක්කම් ලාභී උසේන් බෝල්ට් සැලකෙන්නේ ඉතිහාදයේ සිටින වේගවත්ම මිනිසා ලෙසයි. ඔහුට හා බිරිඳට ඔවුන්ගේ දියණිය දාව තිබුණේ පසුගිය වසරේදීයි.

මෙන්න බලන්න තවත් පුවත්