සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව චක්‍ර ලේඛයක් හේතුවෙන් ඉදිරියේදී මෙරට කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා. ඔහු සඳහන් කර සිටියේ එය සත්‍ය වශයෙන්ම ආසාදිතයින්ගේ අඩුවීමක් නොවන බවයි.

” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පසුගිය 06 වෙනිදා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා නිරෝධායනයට ලක් කර තිබෙන පිරිස් එයින් මුදාලිමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්. සාමාන්‍යයෙන් දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කර සිටින පළමු පෙළ ආශ්‍රිතයින් දින 10 කට පසුව PCR පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුවයි ඔහු ඉන් නිදහස් කරන්නේ.

නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ නව චක්‍රලේඛය මගින් පළමු පෙළ ආශ්‍රිතයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකරලා නිදහස් කරන්නැයි උපදෙස් ලබාදීලා තියෙන්නේ. එමෙන්ම දින 21ක කාලයක් නිරෝධායනය සිදුකර සිටින පළමු පෙළ ආශ්‍රිතයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් නොකර නිදහස් කරන්න උපදෙස් ලබාදීලා තිබෙනවා. මේ නිසා ඉදිරියේදී කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක් දක්නට පුළුවන්. ඒ සැබෑ ලෙස නෙමෙයි. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ PCR පරීක්ෂණ ප්‍රථිපල තරම් සංවේදී නැහැ.

මේ කරුණු නිසා පළමු පෙළ ආශ්‍රිතයින් ගේ ආශ්‍රිතයින් කවුරුන්ද කියා අපිට සොයා බැලීමක් සිදුනොවන නිසා ඉදිරියේදී ඒ පුද්ගලයින් නිසා සමාජයේ කොවිඩ් අනු පොකුරු ඇතිවීමේ අවදානමක් තිබෙනවා” යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්