අවිධිමත් නිල දර්ශණ අන්තර්ගතයන් නිරූපණය කරන වීඩියෝ පට වලින් P o r n Hub වෙබ් අඩවිය දැන්වත්ව අධික ලාභ ලබන බවට චෝදනා කරමින් කාන්තාවන් පිරිසක් එහි මව් සමාගම වන Mind Geek සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.

 

ලොව විශාලතම ඔන්ලයින් නිල දර්ශන අඩංගු සමාගම් වලින් එකක් වන P o r n Hub මව් සමාගම, අවිධිමත් නිල් දර්ශණ අන්තර්ගතයත් අඩංගු දර්ශන සිය වෙබ් අඩවියට එකතු කරන්නේ සම්පූර්ණයෙන්ම මුදල් ඉපයීමේ අරමුණින් බවයි මෙම පැමිණිල්ල ගොනු කරන ලද කාන්තාවන් 34 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම චෝ ද නා කර ඇත්තේ.

 

කෙසේ නමුත් අදාල චෝදනාවන් සියල්ල P o r n Hub සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ හේතුවෙන් විවිධ ගැටළු සහ සුරාකෑම් වලට ලක් වූවන් 34 දෙනකු මෙම නඩුව ගොනුකර ඇති අතර ඔවුන් මේ සඳහා වන්දි සහ ආරක්ෂාව ඉල්ලා තිබෙනවා.

 

P o r n Hub, Red Tube, Tube 8, සහ You P o r n ඇතුළු අ ස භ්‍ය වෙබ් අඩවි සහ නිල් චිත්‍රපටි නිෂ්පාදනය කරන ආයතන සහ වෙළඳ නාම 100 කට වැඩි ප්‍රමාණයක් Mind Geek සතුව පවතින අතර විවිධ වේදිකා (Flat Forms) ඔස්සේ මාසයකට නව දර්ශන බිලියන 3.5 ක් එකතු කරගන්නා බව පැමිණිලි පාර්ශවයේ නිතීඥයින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

 

චූදිතයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මයිකල් හෝබෝව් වාර්තාකරුවන් සමග දුරකථන සංවාදයක් අතරතුර ප්‍රකාශකර ඇත්තේ අන්තර්ජාල නිල් දර්ශන කර්මාන්තය මේ වෙනවිට සිය සීමාව ඉක්මවමින් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

 

මේ සඳහා අදාල නීතිරීති වහා ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු පෙන්වා දී තිබෙනවා. පැමිණිල්ල ගොනු කරන ලද කාන්තාවන් ප්‍රකාශ කර ඇත්තේ තමාගේ අවසරයකින් තොරව පළකරන ලද වීඩියෝ පට වලින් P o r n Hub සමාගම ලාභ ලබන බවයි.

 

කෙසේ නමුත් පැමිණිල්ල ගොනු කර ඇති කාන්තාවන් අතරින් එක් කාව්තාවක් පමණක් අනන්‍යතාවය හෙළි කර ඇති අතර ඉතිරි කාන්තාවන් 33 දෙනාම සිය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා තිබෙනවා.

 

එහිදී මාධ්‍යවේදීන් හමුවේ දුරකතනයෙන් කතා කළ එක් කාන්තාවක් ප්‍රකාශ කර ඇත්තේ නිල් දර්ශණ අඩංගු වෙබ් අඩවිය ඔස්සේ පළ වූ එක් වීඩියෝවක් මගින් ඇයගේ සම්පූර්ණ ජීවිතයම වි නා ශ වූ බවයි. අදාල නඩු විභාගය ඉදිරියේදී කැඳවීමට නියමිත අතර මෙය ඇතැම් විට වැඩි හිටි චිත්‍රපට සඳහා දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්