කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සුදර්ශණ පැණිය භාවිත කිරීමක් ගැන අදහස් පළ කිරීම හේතුවෙන් තමන් බරපතල ගැටලූ ගණනාවකට මුහුණ දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටිනවා.

තමන් රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කමද අතහැර දේශපාලන පැමිණි බවද ඔහු සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මෙම පැණිය සම්බන්ධයෙන් තමන්ට දැනුවත් කිරීමෙන් පසු ඒ ගැන පරීක්ෂණ කිරීමට තීරණය කළ බව ද ඔහු පැවසුවේ.

නමුත් මාධ්‍ය විසින් වැරදි ලෙස කරුණු වාර්තා කිරීම මත තමන් ගැටළු ගණනාවකට මුහුණ දුන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

කොරෝනා වෛරසයට සොයා ගන්නා බටහිර ඖෂධ ගැන දැඩි අවධානයෙන් පසුවන බවත් දේශීය ඖෂධ සම්බන්ධයෙන්ද සහාය දක්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේ.

කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවා.

මෙන්න බලන්න තවත් පුවත්