මට ඉස්සර වෙඩින් එකක් කවර් කරන්න අඩුම තරමින් කැමරාවක් තිබ්බේ නැහැ. මම ගියේ පාරේ ත්‍රිවිල් වලින් නැත්නම් යාලුවෙකුගේ වාහනයක් ඉල්ලන්. මට මතකයි එක පාරක් මගුල් ගෙදරකදී කැමරාමන් කෙනෙකුගේ කැමරාවක් මම ඇල්ලුවා කියලා එතනින් මාව එලියට දැම්මා. ජිවිතය බින්දුවෙන් පටන් අර ගත්ත මට ඕන වෙලා තිබුනේ මට පැවරෙන වගකීම හරි විදිහට කරන්න.

එදා මට කිසිම දෙයක් නොතිබුනාට අද වෙනකොට මටම කියලා වෙන් උනු හෙලිකොප්ටරයක් වගේම කොළඹ වරාය නගරය ඇතුලේ තියෙන යොට් එකක් වෙන් වෙලා තියෙනවා. මට අවශ්‍ය පිටරට මිනිස්සු තමන්ගේ ජිවිතයේ සුන්දරම දවසේදී ලබන අත්දැකීම අද අපේ රටේ සිටින අයට ලබා දෙන්න..

මේ අද රටේ සිටින වඩාත්ම කතාබහට ලක්වන මංගල ජායාරූප ශිල්පී ධනුෂ්ක සේනාධිරගේ ජිවිත කතාවයි..

මෙන්න බලන්න තවත් පුවත්