කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් IDHහි ප්‍රතිකාර ලබමින් සිටි මවක් සහ පුත්‍රයෙකු ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ රෝහලෙන් පැනගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.මෙසේ පැනගිය මව සමග පළාගිය පුත්‍රයා අද (20) උදෑසන ඇහැලියගොඩ ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ.

මව 25 වන වියෙහි පසුවන අතර පුත්‍රයාට වයස අවුරුදු 02 ක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි.

දාළ මව ඊයේ රාත්‍රීයේම පුත්‍රයා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාති නිවසකට භාර දී එම ස්ථානයෙන්ද පළාගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව පුත්‍රයා පොලිස් භාරයට ගෙන තිබේ.

මේ වන විට සෞඛ්‍ය නිලධාරී කාර්යාලය හරහා පුත්‍රයා යළිත් අයි.ඩී.එච් රෝහල වෙත භාරදීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව පොලීසිය පැවසීය.

එම කාන්තාව මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බව ද පොලීසිය සඳහන් කළේය.

පළාගිය කාන්තාව සොයා මේ වන විට පොලීසිය විසින් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මේ කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගෙන් සහයෝගය ඉල්ලා සිටී.

මෙන්න බලන්න තවත් පුවත්