එටා සුළි කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙත දරුණු බලපෑම් එල්ල කරනු ඇති බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නගර 13ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

අත්ලාන්තික් කලාපයේ රටවල් රැසකට බලපෑ එටා සුළි කුණාටුව හේතුවෙන් අලාභ හානි රැසක් එම රටවලට සිදුව තිබෙනවා.

පැයට කිලෝමීටර් 180ක වේගයෙන් හමායන සුළඟ හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවද ෆ්ලොරීඩා ප්‍රාන්ත කාලගුණික අංශ අනතුරු අඟවනවා.

ප්‍රදේශ ගණනාවක වැසියන් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම ද මේ වනවිට සිදුවන බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්