ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ප්‍රධානතම කණ්ඩායමක් වන ජැෆ්නා ස්ටැලියන්ස් සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සාරංග විජයරත්න මහතා පත්කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද සේවය කර ඇති ඒ මහතා විජය පුවත්පත් සමාගම හා සිලෝන් නිවුස් පේපර්ස් සමාගම ඇතුළු රාජය හා පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු දරා ඇති අලෙවිකරණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.

තම පත්වීම පිලිබදව අදහස් දක්වමින් විජයරත්න මහතා සදහන් කලේ “ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරලෙන LPL මංගල තරගාවලියේ දී අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු රැසක් සමග තරග වදින “ජැෆ්නා ස්ටැලියන්ස්” හා එක්වීම පිළිබදව ඉමහත් සතුටට පත්වන බවයි.”

මෙන්න බලන්න තවත් පුවත්