ජපානයේ ෆුමිහිතෝ කුමරු එරට සිංහාසනයේ මීළඟ උරුමකරුවා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔහු ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ සොහොයුරායි.

ෆුමිහිටෝ කුමරු මේ වන විට 54 වැනි වියේ පසුවනවා.

සිංහාසනය සඳහා ෆුමිහිටෝ කුමරු නිල වශයෙන් නම් කිරීමේ උත්සවය ටෝකියෝහිදී පැවැත්වුණු බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ.

ඔහු නරුහි‍තෝ අධිරාජ්‍යයාට වඩා වයසින් අවුරුදු 6ක් ලාබාල වනවා.

නරුහිතෝ අධිරාජ්‍යයාට සිටින්නේ, දියණියක බැවින් ඇයට සිංහාසනයට උරුමකම් කීමේ හැකියාවක් නොමැත.

සිංහාසනයට උරුමකම්කීම නිල වශයෙන් නම් කිරීමේ උත්සවය රිකෝෂි නොරි ලෙස හදුන්වන අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එය මාස 7ක් පමණ ප්‍රමාද වන බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්