කොරෝනා වෛරසයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපද ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සහ ජර්මනයේ බයෝ එන් ටෙක් සමාගම එක්ව නිෂ්පාදනය කර ඇති අතර එන්නත 90%කට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

මින් පෙර වෛරසය ආසාදනය නොවූ පුද්ගලයින්ට අදාළ එන්නත ලබාදුන් පසු වෛරස ආසාදනය නොවීම 90%කටත් වඩා ඉහළ මට්ටමක පවතින බවයි අදාළ සමාගම් පවසන්නේ.

මාත්‍රා දෙකකින් මෙම එන්නත ලබාදෙන බවත් එලෙස පළමු එන්නත ලබාදී දින 28කට පසුව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට හැකියාව ලැබෙන බවත් අදාළ සමාගම් වැඩිදුරටත් පවසන බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ.

රටවල් හයක 43,500ක පිරිසක් යොදා ගනිමින් මෙම එන්නත අත්හදාබැලීම් කර තිබෙන අතර මෙම මස නිමාවට පෙර එම එන්නත සඳහා අනුමැතිය ලබාගැනීමටද නිෂ්පාදන සමාගම් සැලසුම් කර ඇති බවද වාර්තා වනවා.

මෙන්න බලන්න තවත් පුවත්