ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 13,419ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ ඊයේ (07) දිනයේ තහවුරු කර ගන්නා ලද නව ආසාදිතයන් 449 දෙනාද සමගින්.

එලෙස තහවුරු කර ගන්නා ලද ආසාදිතයන් 449 දෙනා අතරින් ආසාදිතයන් සිව් දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතුවල නිරත වී සිටි පුද්ගලයන් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

සෙසු 445 දෙනා දේශීය හඳුනාගත් ආසාදියන් බවද එම මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා කොවිඩ් පොකුරෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 9,941ක් බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ.

ඒ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1041 දෙනෙක්, පෑලියගොඩ මාළු වෙළෙඳ පොළෙන් පුද්ගලයින් 1,007 දෙනෙක් සහ ඉතිරි පුද්ගලයන් 7,893 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයන්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳ පොලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 412 දෙනෙක් සහ එම කම්හලේ සේකවයින්ගේ ආශ්‍රිතයින් 3,887 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවත් ඒ අනුව මෙරට සුවය ලැබූ සමසත් සංඛ්‍යාව 7,723ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ(07) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 537ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මේ අතර වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේ මේ වන විට ආසාදිතයන් 5,662 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.
මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 34ක්.

කෙසේ වෙතත් පුද්ගලයන් 468 දෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මේ අතර ඊයේ (07) දිනය තුළදී මෙරට PCR පරීක්ෂණ 11,620ක් පමණ සිදු කර ඇති බවත් ඒ අනුව මෙරට තුළ සිදු කරන ලද සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 592,218ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්