වෛරසය ආසාදිත කුඩා ළමුන් විසි දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පසුගිය කාලය තුළ හඳුනාගෙන තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ කොරෝනා වෛරස ආසාදිත මව්වරුන් 12 දෙනෙක්ද එම කාලය තුළ හදුනාගෙන ඇති බවයි.

ඒ අනුව මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ වන විට හදුනාගෙන ඇති සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව 32 ක්.

මේ අතර රෝහලේ වෛද්‍යවරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වූ අතර එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහල තුළින් නොවන බවටයි වාර්තා වන්නේ.

අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා අවධාරණය කර සිටියේ කිසිදු බාධාවකින් තොරව රෝහලේ කටයුතු සිදු කෙරෙන බවයි.

එසේම මෙලෙස වෛරසය ආසාදනය වූ බහුතරයක් කුඩා දරුවන් රෝහල තුළදී වෛරස ආසාදනයට ලක්වූ දරුවන් නොවන බවත් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවත් වාර්තා වනවා.

මෙන්න බලන්න තවත් පුවත්