ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් ව තිබෙනවා.

ඒ ඊයේ(05) දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සමග පැවැති තරගයෙන් ලකුණු 57ක ජයක් වාර්තා කර ගැනීමත් සමගින්.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් තරගයට පිවිසෙන හය වන අවස්ථාව මෙය වන අතර අවස්ථා පෙර පැවැති අවස්ථා පහෙන් හතරකදී ශූරයන් වී තිබෙනවා.

ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 200ක් ලබාගැනීමට සමත් විය.

ඉෂාන් කිෂාන් නොදැවී ලකුණු 55ක් ලබාගත්තේ පන්දු 30කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින්.
සූර්යකුමාර් යාදෙව් ලකුණු 55යි.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 40ක්ද හර්ඩික් පාන්ඩයා නොදැවී ලකුණු 37ක්ද ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු තුනක්ද Anrich Nortje සහ Marcus Stoinis එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

ලකුණු 201 ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143ක් පමණි.

එහිදී Marcus Stoinis ලකුණු 65ක් ලබාගත්තේ පන්දු 46කදී හතරේ පහර 6ක් සහ හයේ පහර තුනක් සමගින්.

අසාර් පටෙල් ලකුණු 42ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජස්ප්‍රිට් බුම්රාහ් කඩුලු හතරක්ද ට්‍රෙන්ට් බෝල්ඩ් කඩුලු දෙකක්ද ක්රුනාල් පාන්ඩයා සහ කිරාන් පොලාඩ් එක් කඩුල්ල බැගින්ද දවාගැනීමට සමත් වූවා.

තරගයේ වීරයා ලෙසින් සම්මාන ලබාගත්තේ ජස්ප්‍රිට් බුම්රාහ්.

මෙන්න බලන්න තවත් පුවත්