ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 12,187ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ අද(04) රාත්‍රී 9.35 පමණ වන විට තවත් නව ආසාදිතයන් 169 දෙනෙකු තහවුරුවීමත් සමගින් අද දිනයේදී ඒ වනතෙක් ආසාදිතයන් 443 දෙනෙකු වාර්තා වන බවයි.

අවසන් වශයෙන් වාර්තා වූ ආසාදිතයන් 169 දෙනා අතුරින් 151 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර සෙසු 18 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබෙනවා.

මේ අතර දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 8709ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ආසාදිතයන් 6305 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් ආසාදිතයන් 5858 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 24ක්.

මේ අතර තවත් පුද්ගලයන් 400 දෙනෙක් පමණ කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්