ඵෙතිහාසික සෝමාවතී රජ මහ විහාරස්ථ පින්බිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය කඨින චීවර පඬු පෙවීමේ මංගල්‍යයේ පඬු පෙවීම සඳහා පූජා කෙරෙන ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසි්න අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත අද(04) නිල වශයෙන් භාරදී තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ විජේරාම නිල නිවසේදියි. .

අදාළ මංජුසාවේ විවිධ ඖෂධ අඩංගු වනවා.

දෙවැනි පැරකුම් රජ දවසින් පසු ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය කඨින චීවර පඬු පෙවීමේ මංගල්‍යය ශාසනයේ චිර පැවැත්මට හේතු වේවායි ප්‍රාර්ථනා කරන බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙවර පැවැත්වෙන කඨින චීවර පඬු පෙවීම හා කඨින මහා පිංකම ලබන 7 සහ 8 දෙදින ඓතිහාසික සෝමාවති පුදබිමේ දී පැවැත්වීමට නියමිතයි.

මෙහි දී කඨින චීවරය නිර්මාණය කිරීමේ වගකීම බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍යංශයට පවරා තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්