අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දූෂිත බව පවසමින් ඡන්ද ගණන් කිරීම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය ලබාගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙතෙක් නිකුත් වී ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටිනවා.

ඔහු ලබාගෙන ඇති ඡන්ද කොට්ඨාස ගණන 238ක්.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ලබාගැනීමට හැකිව ඇත්තේ ඡන්ද කොට්ඨාස 213 ක බලය පමණයි.

කෙසේ වුවද ඡන්ද තවමත් ගණන් කෙරෙමින් පවතින මොහොතක ජනාධිපතිවරයා තමා ජයග්‍රාහකයා ලෙස නම් කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඩිමොක්‍රටික් පක්ෂ මැතිවරණ කාර්යාලය නිවේදනය කරනවා.

ජයග්‍රහකයකු නම් කිරීමට තවමත් හැකියාවක් නොමැති බවයි ඔවුන් සදහන් කරන්නේ.

මිචිගන්, විස්කොන්සින්, පෙන්සල්වේනියා යන ප්‍රාන්තවල තැපැල් ඡන්ද තවමත් ගණන් කර නැහැ.

ජනාධිපතිවරයා අවසාන ඡන්ද ප්‍රතිඵලය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළහොත් ප්‍රතිඵල නිකුත් කිරීමට තව සති කිහිපයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෑල්ලුවට ලක් කරමින් කටයුතු කිරීම තුළින් ඇමෙරිකාව තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අඟවනවා ඇති බවද විදෙස් පුවත්සේවා වාර්තා කරනවා.

මෙන්න බලන්න තවත් පුවත්