20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත අද(03) මුද්‍රණය කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ පනතේ පිටපත් දහසක් පමණ මුද්‍රණය කිරීමට නියමිත බවත් ඉන් 700ක් පමණ පාර්ලිමේන්තුවට භාරදීමට නියමිත බවත් ය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේදී 2/3ක බහුතරයකින් සම්මත වීමෙන් අනතුරුව කතානායකවරයා අත්සන් තැබීමෙන් පසුවයි මෙය නීතියක් බවට පත්වූයේ.

 

මෙන්න බලන්න තවත් පුවත්