පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳ සැල් අද දිනයේ විවෘත තබන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අද(03) අලුයම 5 සිට පස්වරු 3 දක්වා සිව්වන හා පස්වන හරස්වීදිවල පිහිටි තොග අලෙවි සැල් විවෘත කර තැබෙන බවයි.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වෙළෙඳුන්ට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණිය හැකි බවද ඔහු කියා සිටියා.

මේ අතර බස්නාහිර පළාතේ වසා දමා ඇති සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

පළාත තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැවතිය ද හෙට(04) සිට එම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට පමණක් විවෘත කෙරෙන බවයි අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව රත්මලාන, නාරාහේන්පිට, බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානයන්හි සේවකයන් අද දිනයේදී PCR පරීක්ෂාවකට ලක් කර ලක්කර ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

කෙසේ වෙතත් සිල්ලර වෙළෙඳාම සිදු නොකරන බවද අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.

මෙන්න බලන්න තවත් පුවත්