පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් 23 දෙනෙකුහට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය කියා සිටියේ ඊයේ (02) දිනය වන විට මෙම පිරිස හඳුනාගෙන ඇති බවයි.

මේ අතර මීගමුව පොලිසියේ එක් නිලධාරියෙකුටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුටත් බොරැල්ල පොලිසියේ නිලධාරීණ් 8 දෙනෙකුටත් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුටත් පිටකොටුව පොලිසියේ නිලධාරියෙකුටත් CCD යේ නිලධාරියෙකුටත් පොලිස් ප්‍රභූ ආරක්ෂක බලකායේ නිලධාරීන් දෙදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

ඒ අනුව මේ වන විට පොලිස් නිලධාරීන් 150කට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා ආසාදනය වී ඇති බවද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්