තෙවන පාසල් වරාය ආරම්භ කිරීම පමා වුවද පාසල් සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ කටයුතු සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ලබන 9 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ තෙවන පාසල් වාරය රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියා.

කෙසේ වෙතත් සිසුන්ට අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

 

මෙන්න බලන්න තවත් පුවත්