ඕස්ට්‍රියාවේ වියානා අගනුවර ස්ථාන කිහිපයකදී නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

ස්ථාන හයකදී එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියෙකු සහ තුවක්කුකරුවෙකුද මියගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මීට අමතරව වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් 15කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් වියානා හි නගරාධිපතිවරයා එරට මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ඕස්ට්‍රියාවේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පැය කිහිපයක් තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ.

එසේම මෙම වෙඩි ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් ලෙසට සලකන බවද ඕස්ට්‍රියා චාන්ස්ලර්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ රෙගුලාසි පැනවීමට පෙර සිය අවශ්‍යතාවයන් සපුරා ගැනීමට විශාල වශයෙන් ජනතාව අගනුවර පැමිණි අවස්ථාවේ මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්