22 වන කොවිඩ් මරණය ලෙසින් අද පස්වරුවේ වාර්තා වූ මරණය කොවිඩ් මරණයක් ලෙස නොසැලකීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර නිවේදනයක් නිකුත් කරන වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ අදාළ පුද්ගලයා මියයාමෙන් පසු කරන ලද පී.සී.ආර්. පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී ඇති බවත් එම නිසා කොවිඩ් ආසාදිතයන් අතර 22 වන මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය විසින් වාර්තා කරන ලද බවත්ය.

කෙසේ වෙතත් මෙම මරණයට කොවිඩ් 19 දායකත්වයක් නොමැති බවද වෛද්‍යවරයා අදාළ නිවේදනයෙන් දක්වා තිබෙනවා.
වෛද්‍ය සුදත් සමරවීර මහතා නිකුත් කළ නිවේදනය පහතින්.

ඒ අනුව සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ අද දිනයේ වාර්තා වූ ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයාගේ මරණය කොවිඩ් ආසාදිත මරණයක් නොවන බවටයි. ඒ අනුව කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 21ක් ලෙස සෞඛ්‍ය අංශ යළි ගණනය කර තිබෙනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්