ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 21 වන කොවිඩ් ආසාදිත මරණය ඊයේ(31) වැලිසර ලය රෝහලේදී සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
මියගිය රෝගීයා 40 හැවිරිදි පිරිමි පුද්ගලයකු බවත් ඔහු මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ඒම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.
අධි රුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් පසුගිය 23 වනදා රෝහල්ගත වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.
කෙසේ වෙතත් පළමු PCR පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී නොමැති අතර මියයාමෙන් පසුව සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් තහවුරු වී තිබෙන බවයි වසංගත රෝග විද්‍යා ඒ්කකය පවසන්නේ.

 

මෙන්න බලන්න තවත් පුවත්