බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇදිරිනීතිය එළඹෙන 09 වන සඳුදා උදෑසන 05 දක්වා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.

මීට අමතරව කුරුණෑගල නගර සීමාවට සහ ඇහැළියගොඩ සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශවලට එළැඹෙන 9 වැනිදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය හෙට (02) අලුයම 5ට ඉවත් කරන බවයි මින් පෙර නිවේදනය කර තිබුණේ.

මෙන්න බලන්න තවත් පුවත්