මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය බ්‍රවුන්ලෝ වතුයායේ ගගේවත්ත කොටසේ පදිංචි පියෙකුට(45) සහ පුතෙකුට(10) කොවිඩ් 19 වෛසරය අසාදනය වී ඇති බව ඊයේ (31) තහවුරු වූ බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි. චන්ද්‍රරාජන් මහතා පවසනවා.

පැලියගොඩ මත්ස්‍ය වෙලදපොලේ සේවය කළ පියා නිවසට පැමිණ සිටියදී මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ඔහු ඇතුළු පවුලේ සමාජිකයන් නව දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරීමෙන් අනතුරුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණයකදි පියාට සහ පුතාට කොවිඩ් 19 වෛසරය ආසාදනය වී ඇති බවට තහවුරු වූ වී තිබෙනවා.

ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා කියා සිටියා.

මේ අතර මස්කෙලිය බ්‍රවුන්ලෝ වතු යායේම කොවිඩ් 19 වෛසරය අසාදනය වු එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙක් අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට සහ අම්පාර නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවත් ඉන් එක් රෝගියෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලේ ආශ්‍රිතයෙකු බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්