බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය හෙට(02) දිනයේදී ඉවත් කිරීම පිළිබද අද(01) පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව තීරණයක් ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා ඊයේ(31) පස්වරුවේ මේ බව කියා සිටියේ කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම පිණිස යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් කිළිනොච්චිය, ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ ඉදිකරනු ලබන රෝහල් පරිශ්‍රයේ කටයුතු සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

පවතින වසංගත තත්වය පිළිබද සැලකීමේ දී බස්නාහිර පළාත තවදුරටත් අවධානම් මට්ටමක පවතින බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාන් ශවේන්ද්‍ර සිල්වා මහතා.

 

මෙන්න බලන්න තවත් පුවත්