සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උපාලි කරුණාතිලක මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ සීගිරිය සිංහපාදය අසලදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්.

උපාලි කරුණාරත්න මහතා මෙලෙස අසනීප වී ඇත්තේ සීගිරි පර්වතයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා මාතගේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් සමගින් සහභාගි වෙමින් සිටියදීයි.

ස්ථානාධිපතිවරයා එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි පවසන්නේ.

මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය දමුල්ල මූලික රෝහලේදී අද සිදු කිරීමට නියමිතයි.

 

මෙන්න බලන්න තවත් පුවත්