නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක නිලධාරින් සිව්දෙනෙකු සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකු කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

පසුගිය දා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇති එම දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ආපන ශාලා සේවකයෙකුගෙන් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ කෙරේ.

මේ අතර, වැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරත වූ 70 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්