බ්‍රැන්ඩික්ස් ආයතනය හරහා කොවිඩ් පොකුරක් නිර්මාණය වුයේ යැයි ඇති චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට වෙනත් විශේෂ කණ්ඩායමක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඔහු එසේ උපදෙස් දී ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙක්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බැවිනි.

මේ දක්වා සිදුකළ පී.සී. ආර් පරීක්ෂණවලදී නිලධාරීන් 15 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්