වේල්ලවීදිය පොලිසියේ කොස්තාපල්වරයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු එහි භෝජනාගාර පාලකවරයා බව පොලීසිය පැවසුවේය.

ඒ අනුව එම පොලිස් ස්ථානයේ 12 ක් නිරෝධායනයට යොමු කර ඇති අතර මේවන විට පොලීසියට ඇතුළුවීම හා පිටවීම තාවකාලිකව නවතා දමා තිබේ.

මේ අතර මට්ටක්කුළිය සම්මන්ත්‍රණපුර ප්‍රදේශය ඊයේ (26) දිනයේ දී හුදකලා කෙරුණි.

ඒ එම ප්‍රදේශයෙන් කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදිතයන් රැසක් හඳුනාගැනීමත් සමගිනි.

මෙන්න බලන්න තවත් පුවත්