රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතව සිටි 130 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (26) පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිටි රෝගීන් 92කු සහ අයි.ඩි.එච්, ලග්ගල, තෙල්දෙණිය, රඹුක්කන, හම්බන්තොට, මුල්ලේරියාව, වැලිකන්ද, අඹන්පොල යන රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලැබු පිරිසක් මෙලෙස සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍ය අංශය පැවසුවේය.

ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් ගණන 3933කි.

සමස්ථ ආසාදිතයින් 7872ගෙන් 3923 දෙනෙකු දිවයිනේ රෝහල් 32ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මීට අමතරව සැකකටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් 527 දෙනෙකු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

මෙන්න බලන්න තවත් පුවත්