කළුතර සහ පානදුර අධිකරණවල නඩු කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට නීතීඥවරුන් තීරණය කර තිබේ.

ඒ නීතීඥවරයෙකු හමුවීමට පැමිණි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තාවීමත් සමග ය.

ඒ අනුව ලබන මස පළමු වැනි දින දක්වා කළුතර සහ පානදුර අධිකරණවල නඩු කටයුතුවලට සහභාගී නොවී සිටින ලෙස අදාළ අධිකරණවල ශ්‍රී ලංකා නීතීඥ සංගම් විසින් සිය සාමාජිකයින්ට දැනුම් දී තිබේ.

ලබන පළමු වැනිදා නීතීඥ සංගමය රැස්වී මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර ගල්කිස්ස අධිකරණයේ කටයුතු ද සතියක කාලයක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු අධිකරණ පරිශ්‍රයට පැමිණ ඇති බවට වාර්තා වීම හේතුවෙන් නීතීඥ සංගමයේ ඉල්ලීමක් මත මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්