පානදුර කෙසෙල්වත්ත මිරිවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මෙම පුද්ගලයා ඉකුත්දා අසනීප තතත්ත්වයක් හේතුවෙන් පානදුර මූලික රෝහල වෙත ගොස් ඇති අතර එහිදී ඔහුට පී සී ආර් පරීක්ෂණයක්ද සිදු කෙරුණා.

අනතුරුව ඔහුගේ තොරතුරු ලබා ගැනීමෙන් පසු රෝහල් බලධාරීන් එම පුද්ගලයා පිටත්කර හැර තිබෙනවා. අදාල පුද්ගලයා රෝහලවෙත ලබා දුන් ලිපිනය ඇතුළු තොරතුරුද අසත්‍ය බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් මෙම පුද්ගලයා පසුව යළි රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පානදුර මූළික රෝහල වෙත පැමිණ තිබෙනවා. ඒ කොළඹ කොටුවේ සිට පානදුර දක්වා දුම්රිය මගින්. ඒ වන විට ඔහුගේ පී සී ආර් පරීක්ෂණ වාර්තාද නිකුත් වී ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ එම රෝගියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු මෙම රෝගියා පිළිබද පානදුර රෝහල් පාලනාධිකාරීය අවධානයකින් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දෝෂාරෝපණයක්ද එල්ල වී තිබෙනවා.

සමාන්‍යයෙන් පී සී ආර් පරීක්ෂණයක් සිදු කළ යම් පුද්ගලයෙකු එම වාර්තා නිකුත් වන තෙක් නිවසට වී සිටිය යුතුයි. එහෙත් පානදුර රෝහල් බලධාරීන් ඒ පිළිබද දැනුවත් කිරීමක් සිදු නොකළ බවටයි වාර්තා වන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්