ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 165 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාලය තුළ රථවාහන 30ක් ද පොලිස් භාරයටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවු ඔක්තෝබර් 04වන දා සිට 924 දෙනෙකු සහ රථවාහන 140ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

අද (25) සිට නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන පොලිස් බලප්‍රදේශ තුළ රාජකාරි සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්