හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම විසින් නොතිසී නිකුත් කර තිබේ.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අදාළ ව සාක්ෂි ලබාදීම සඳහා ලබන 19වැනි දා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා ඔවුන් දෙදෙනාට නොතීසි නිකුත් කර ඇත.

මීට අමතරව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන අදාළ පැමිණිල්ලේ වගඋත්තකරුවන් ලෙස නම් කර සිටින සෙසු පිරිසට ද එදින කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කර තිබේ.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් අද (15) දිනයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට ඇත.

මෙන්න බලන්න තවත් පුවත්