මුව ආවරණ නොමැතිව අවන්හලක රැදි සිටි දෙදෙනකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

කොල්ලුපිටිය පොලිසිය විසින් කාන්තාවන් සහ පිරිමි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබින.

කොරෝනා වෛරසය පැතිරෙන ආකාරයේ ද්වේශ සහගත ක්‍රියාවක් සිදු කළේ යැයි චෝදනා ඔවුනට ගොනු කර තිබින.

තමන් නිවැරදිකරුවන් ඇයි ඔවුන් අධිකරණයේ ප්‍රකාශ කළ කළ නිසා නැවත නඩු විභාගය ජනවාරි මස 26 වනදා කැඳවීමට තීන්දු කර ඇත.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කියා සිටියේ දහවල් ආහාරය ගැනීම සඳහා ඔවුන් මුව ආවරණ නොමැතිව සිට ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්