රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විදෙස් රටවල් සමග කටයුතු කිරීමේදී මෙරටට පැමිණෙන දූත පිරිස් සම්බන්ධයෙන් නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන බව සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

එලෙස පැමිණෙන දූත පිරිස්, සමාජයේ පිරිස් සමඟ නොගැටී ඇති බවට සහතික කර ඇති බවත් එම කණ්ඩායම් නිරන්තරයෙන් නිරෝධායන ක්‍රියාවලියකට අනුව කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම, එම පිරිස් විදෙස් රටකට යාමේදී පැය 48කට පෙර සිදුකළ PCR  පරීක්ෂණයක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

අද (13) පැවති කැබිනට් මණ්ඩල දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී පසුගියදා මෙරටට පැමිණි චීන දූත පිරිස සහ ඉදිරියේදී පැමිණීමට නියමිත අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් සම්බන්ධයෙන් නිරෝධායන ක්‍රියාපිළිවෙත් ගැන මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදි කළේය.

මෙන්න බලන්න තවත් පුවත්