අනුරාධපුරය විහාරපාළුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී තිබේ.

අසනීප තත්වයක් මත රෝහල්ගත වූ කාන්තාවක් සැක සහිත රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් කොරෝනා පරීක්ෂාවට යොමු කර ඇති අතර එහිදී ආසාදිත බව හෙළි වී ඇත.

ඇය සමග ආශ‍්‍රීත වූ නිවාස හතක නිවාස පිරිස් නිරෝධයට යොමුකර තිබේ.

මෙම කාන්තාවගේ දියණිය මිනිවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන්නියකි.

මෙන්න බලන්න තවත් පුවත්