ස්ත්‍රී දූෂණ සඳහා වැරදිකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.

එය නීතිගත කරමින් එරට ජනපති විසින් ආඥාවක් අඟහරුවාදා නිකුත් කිරීමට නියමිත බව එරට නීතිය පිළිබඳ අමාත්‍ය අනිසුල් හක් පැවසීය.  

කාන්තාවකට පිරිසක් විසින් හිරිහැර කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමගම ඊට එරෙහිව දැඩි විරෝධයක් මතුවිණි.

පසුගිය වසරේදී ස්ත්‍රී දූෂණ සිදුවීම 5,400ක් පමණ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්