සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස පොලිසිය, ත‍්‍රීරෝද රථ රියදුරන් සහ ප‍්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන්ගෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටිනවා.

ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් එවැනි ගමන් සටහනක් තබාගන්නා ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන ප‍්‍රදේශවල විවෘත කිරීමට අවසර ලබා දී තිබූ ඔසුසල් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් හෙට සිට දින තුනක් වසා දැමිය යුතු බව පොලිසිය දැනුම් දී ඇත.

මෙන්න බලන්න තවත් පුවත්