ලංකා විදුලි පෞද්ගලික සමාගමේ කඳාන ශාඛාවේ සේවකයන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඊයේ දින මෙම ආසාදිත පිරිස හඳුනාගත් බවත් ඔවුන් රෝහල්ගත කල ඇති බවත් ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ඉන් සේවකයෙකුගේ දියණිය බැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති බවත් ඇය ආසාදිත යයි හඳුනා ගෙන තිබූ බවත් ඔහු පැවසීය.

එහි සෙසු සේවකයන්ටද කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.

මෙන්න බලන්න තවත් පුවත්